25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට වෙන්දේසි වු ටයිටැනික් මගියාගේ ලිපිය

බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට ටයිටැනික් නෞකාවේ මගියෙකු විසින් එම නෞකාව ගිලීයාමට දින කිහිපයකට පෙර ලියන ලද ලිපියක් වෙන්දේසි වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ,කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසි විසින් ලියන ලද එම ලිපිය පවුම් ලක්ෂ 3කට වෙන්දේසි වී ඇති බවයි.

මෙහි විශේෂත්වයක් වන්නේ, ලිපිය පවුම් 60,000ක මුදලකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කළද එමෙන් පස් ගුණයක මුදලකට එය වෙන්දෙසි වී තිබීමයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලිපිය නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් මිලදී ගෙන ඇති බවයි.

කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසිගේ 1912 වසරේ අප්‍රේල් මස 10 වන දිනැති අදාළ ලිපියෙන් දින 05 කට පසු ටයිටැනික් නෞකාව උතුරු අත්ලන්තික් සාගරයේදි අයිස් කන්දක ගැටී ගිලි ගියේය.

එහිදී නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 2,200ක පමණ පිරිසෙන් 1,500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණි.

Related posts

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක් 

IndusaraMedia

නුගේගොඩ දී මහ මඟ මෝටර් රථයක් පෙරළෙයි

IndusaraMedia

මං කිව්ව දේ කලා නම් විපක්ෂය ජය ගන්නවා

IndusaraMedia

වන්දනාවේ ගිය බස් රථයක් අනතුරක – 20ක් රෝහලට

IndusaraMedia

දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

IndusaraMedia

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

IndusaraMedia

Leave a Comment