පානදුර ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙක් මරුට

පානදුර, බටහිර මාලමුල්ල ප්‍රදේශයේදී අද (අප්‍රේල් 29) මධ්‍යම රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලිසිය සඳහන් කළේ, මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ය.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 35 ක් වූ පුද්ගලයෙකු සහ සහ තුවාලකරු වයස අවුරුදු 20ක් වූ බටහිර මාලමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

නිවසක පැවති සාදයක් අතරතුර එම නිවසට ඇතුළු වූ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා භීරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Anjali Withanage

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments