රුවන්වැලි සෑයට බෝම්බ ප‍්‍රහාරයක් ගැන ඔත්තුවක්.. පොලිස් රැකවල් දැඩි කරයි..

ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බයක් රැගෙන පුද්ගලයෙකු පැමිණෙන බවට (28දා) පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුණු තොරතුරකට අනුව රුවන්වැලිසෑ පුදබිම තුළ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොළීසිය සඳහන් කළේය.

දහවල් 12ට පුද්ගලයෙකු බෝම්බයක් රැගෙන රුවන්වැලි සෑ පුදබිමට ඇතුළුවන බව සඳහන් කරමින් කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක් මෙම ඇමතුම ලබා දී ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ රුවන්වැලි‍සෑය පුදබිම හා ඒ අවට දැඩි පරීක්ෂාවට ලක් කළහ.

එම සෝදිසි කිරීම් වලදී සැක කටයුතු පුද්ගලයෙකු හෝ කිසිවක් හමු නොවූ බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.

තමන් වෛද්‍යවර්යක ලෙස සඳහන් කරමින් මෙම දුරකථන ඇමතුම ලබා දී ඇති අතර, මෙම බෝම්බය රුවන්වැලි සෑ පුදබිමට රැගෙන එන බව මේ රටේ යුද්ධය නතර කිරීමට දායක වූ හිටපු ජනාධිපතිවරයෙකු සහ හිටපු යුද හමුදාපතිවරයෙකු (නම් සඳහන්
කරමින්), දන්නා බව හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු මෙම තොරතුරේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම ඇමතුම් සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර එය සිතා මතා සිදු කළ ව්‍යාජ තොරතුරක් බවට අනාවරණය වුව හොත්, ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන බවද අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අනුරාධපුර විශේෂ DB චතුරංග

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments