29.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය මස 08 දින පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. 

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව එය පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු මස 01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.

Related posts

පානදුර ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙක් මරුට

IndusaraMedia

හේෂා විතානගේට මැතිසබයෙන් නව තනතුරක්

IndusaraMedia

පළාත් පාලන සභිකයන් ගැසට් කිරීමේ ගැටලුවක්

IndusaraMedia

නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට රැගෙන එයි

IndusaraMedia

ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට

IndusaraMedia

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ සිටි තවත් 15ක් මුදා ගැනෙයි

IndusaraMedia

Leave a Comment