23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

අපේක්‍ෂකයෙක් ප‍්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදයි…

මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතෙන් මෙවර ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයෙකු කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සමග ඔහුගේ ඡායාරූපයක් යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් මුල්ලියාවලෙයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම අපේක්ෂකයා මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතේ සියලුම නිවෙස් වලට එම ප්‍රචාරක පත්‍රිකාව බෙදාහැර ඇති අතර පොලිසිය එම නිවෙස් වලට ගොස් එම පත්‍රිකා රැසක් එකතු කරගෙන තිබේ.

එම පත්‍රිකා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් කීප දෙනෙකුගෙන්ම ප්‍රශ්නකොට ඇති අතර ඒවා බෙදා හරින ලද පුද්ගලයන්ගේ තොරතුරුද පොලිසිය විසින් එක්රැස් කරගෙන ඇත.

පොලිසිය විසින් මේ පිළිබඳව මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙතද තොරතුරු දැනුම් දී ඇති අතර මැතිවරණ නිලධාරීන්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අදාළ අපේක්ෂකයාට පොලිසිය වෙතපැමිණෙන ලෙස පණිවුඩ යවා ඇති අතර ඔහු පොලිසිය වෙත නොපැමිණෙන්නේ නම් ඔහුව අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද මුල්ලියාවලෙයි පොලිසිය ප්‍රකාශ කරයි.

දිනසේන රතුගමගේ

Related posts

මාව වට්ටපු එක කුමන්ත‍්‍රණයක්..- කඩුවෙල නගරාධිපති

IndusaraMedia

මනිපූර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයි

IndusaraMedia

2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ

IndusaraMedia

බෙල් 212 අනතුරෙන් මියගිය ගණන 6ක් වෙයි.අනතුර ගැන තවත් තොරතුරු එළියට

IndusaraMedia

බාර් යුගය අවසන් කරලා ස්කාගාර යුගයට ආවා.. ඒ තමයි පුනරුදේ..

IndusaraMedia

වැඩි මිලට සහල් වික්කොත් ලක්‍ෂ පනහක් දඩ..

IndusaraMedia

Leave a Comment