තවත් අපේක්ෂකයෙක් අත්අඩංගුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් තවත් එක් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 දක්වා වූ පැය 24ක කාලය තුළ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ආධාරකරුවන් ද සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මේ අතර, පසුගිය මාර්තු මස 5 වන දා සිට අද දක්වා වු කාලය දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 55ක් වන අතර ආධාරකරුවන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අදාළ සමස්ත කාලය තුළ පොලිස් භාරයට ගත් සමස්ත වාහන ගණන 47කි. 

මේ අතර, මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 128ක් වාර්තා වී ඇති අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 476ක් වාර්තා වී ඇතැයි පොලීසිය පැවසීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments