දන්සැල් සංවිධායකයන්ට මාර්ගෝපදේශ මාලාවක්

එළඹෙන වෙසක් සහ පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

දන්සල් යනු ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්ප්‍රදායකි. විශේෂයෙන් වෙසක්, පොසොන් සහ අනෙකුත් ආගමික හා සංස්කෘතික උත්සව වලදී දන්සල් දක්නට ලැබේ. 


නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ මේ දිනවල බොහෝ අය නොමසුරුව සියලු පුද්ගලයන්ට නොමිලේ ආහාර පාන පිරිනැමීම සඳහා දන්සල් කුටි ඉදිකරමින් සිටින බවය.

මෙම ප්‍රජා සේවය පුළුල් ලෙස අගය කරනු ලැබුවද, එය මහජන සෞඛ්‍ය අභියෝග ද ඇති කිරීමට ද හේතු විය හැකි බව සඳහන් වේ.

එබැවින් දන්සල් ක්‍රියාත්මක කිරීම ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ අවදානම සමඟ සම්බන්ධ වී ඇති අතර, ප්‍රධාන වශයෙන් නුසුදුසු ආහාර සැකසීමේ ක්‍රම, නුසුදුසු ගබඩා කිරීම සහ සනීපාරක්ෂක පිළිවෙත් නොමැතිකම ඒ සඳහා හේතු විය හැකිය.

වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසා, නිසි ආහාර සනීපාරක්ෂක පිළිවෙත් සහතික කිරීම මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය බව පෙන්වා දී ඇත.

එබැවින් දන්සලක් සංවිධානය කිරීමේදී පහත මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතුය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments