29.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

පළාත් සභා මැතිවරණයත් ළඟ ළඟම එන ලකුණු

වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ පළාත් සභා මැතිවරණය ද ඉක්මනින් පැවැත්වීමට අවධානය යොමුවී ඇත.

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සඳහා දැනටමත් ආණ්ඩුව විසින් ක්‍රියාමාර්ග ගනිමින් ඇත.

ආණ්ඩු පක්‍ෂය අවස්ථා කිහිපයකදීම පැවසුවේ පලාත් සභා මැතිවරණයද හැකි ඉක්මනින් පවත්වන බවයි.

ඊට අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසු ඒ අනුව පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වන බවත් පවසා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදීද පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමේ වැදගත්කම දෙරටේ ඒකාබද්ද ප්‍රකාශනයෙන්ද පැවසින.

මේ අතර තවත් අදහසක් වී ඇත්තේ දැනට පවතින ආකාරයෙන්ම පලාත් සභා මැතිවරණය නොපවත්වා පවතින ලෙසින්ම ඉදරියට යාමටයි.

Related posts

UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ශ්‍රී ලංකාව ගැන මාධ්‍යට අදහස් දක්වයි

IndusaraMedia

මැයි රැලියට ආ බස් අධිවේගී මාර්ගයේ නතර කර කෑම කෑ හේතුව හෙළිවෙයි

IndusaraMedia

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක

IndusaraMedia

ඇමති නලින්ද කඩල දන්සලක කඩල බෙදයි..

IndusaraMedia

මැයි දිනයට ආ මාලිමා බස් අධිවේගයේ නවත්වා කෑම කති..

IndusaraMedia

හරිනිට ආරක්‍ෂක වලල්ලක් යොදයි…

IndusaraMedia

Leave a Comment