25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ධම්මික දසනායක ඉවත් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පෞද්ගලික හේතුවක් මත එළඹෙන 15 වනදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වෙන බව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇති බව සඳහන් වෙයි.

ඒ් අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා 2023 වසරේ මැයි 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ලැබීය.

කෙසේ වෙතත් පසුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට එම වර්ෂයේදීම පත් කෙරුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 5ක පමණ දීමනාවක්, නිල රථයක් සහ අනෙකුත් පහසුකම් ද හිමිවිය.

Related posts

මග හිටි ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක්

IndusaraMedia

ChatGPT ලොව පුරා හදිසි බිඳ වැටීමක

IndusaraMedia

25 වසරකට පසු පාකිස්ථානයේ පිහිටි මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දමයි

IndusaraMedia

72 වැනි ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචාටා චොන්සිරිට

IndusaraMedia

මාලිමාවේ අලුත් මන්ත්‍රීවරු ඊළඟ අවුරුදු 4රේ ලොවෙත් නැතිවෙන්න වැඩ කරනවා

IndusaraMedia

පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී

IndusaraMedia

Leave a Comment