25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක්

සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.

පෑලියගොඩ නවලෝක, ග්‍රැන්ඩ්පාස් තොටලග, කොස්ගස් හංදිය, බොරැල්ල කැම්බල් පිටිය අසළ, දෙමටගොඩ, බෞද්ධාලෝක මාවත බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ, පිටකොටුව බෝධිය අසල, හුණුපිටිය ගංගාරාම විහාරය, හා කොළඹ 02 බ්‍රේබෘක් පෙදෙස සිරස මූලස්ථානයේ එම තොරණ ඉදිකර තිබේ.

මෙයට අමතරව කොළඹ නගරයේ වෙසක් කලාප කීපයකි. 

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය, බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධාලෝක මාවත වෙසක් කලාපය, හා බ්‍රේබෘක් පෙදෙස සිරස වෙසක් කලාපය එම වෙසක් කලාප අතර වේ.වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පූරා දර්ශනීය වෙසක් තොරණ හා වෙසක් කලාප රැසක් පවතින බව වාර්තාවේ.

(මහින්ද නිශ්ශංක )

Related posts

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණි පිරිසක් යාපනයේදී අත්අඩංගුවට

IndusaraMedia

තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි..

IndusaraMedia

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

IndusaraMedia

ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

IndusaraMedia

රාජ්‍ය සේවකයන්ට මුඛ ආවරණ පැළදීමට බස්නාහිරින් උපදෙස්

IndusaraMedia

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්

IndusaraMedia

Leave a Comment