23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

රුපියල් මිලියන 460ක කුෂ් තොගයක් සමග විදෙස් තරුණියක් අත්අඩංගුවට

තායිලන්තයේ බැංකොක් කුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධීව රැගෙනව ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදි අද (12) පස්වරුවේ ඇය මෙරටට පැමිණි පසු රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදි නවතා පරීක්ෂා කිරීමේදි ඇගේ ගමන් මළු තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී හමුව ඇත.

රේගු නිලධාරීන් පැවසුවේ සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 46ක් වන අතර මෙහි වීදි වටිනාකම රුපියල් මිලියන 460කට ආසන්න වන බවය.

සැකකාරිය හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට පියවර ගත් බවත් රේගු නිලධාරීන් පැවසුවේය.

Related posts

පාසල් ගොඩනැගිල්ලකට ගසක අත්තක් කඩාවැටී සිසුවෙක් මරුට

IndusaraMedia

වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට

IndusaraMedia

චිකන්ගුන්‍යා හැඳුනොත් මේ ඖෂධ ගන්න එපා

IndusaraMedia

කොළඹ විරොධතා.. ඩුප්ලිකේෂන් පාරේ වාහන නවතී.. කැරලි මර්ධන කැදවයි..

IndusaraMedia

වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

IndusaraMedia

ටීචර් අම්මා අධිකරණයට එයි

IndusaraMedia

Leave a Comment