24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ලංවිම සභාපති අස්වුන්නෑ.. රට ගිහින් එන්න ගියා විතරයි..- බලශක්ති අමාත්‍යංශය

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන වාර්තා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කරයි.

ඒ මහතා පෞද්ගලික හේතූන් මත විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින් ඊට නිවාඩු අවශ්‍ය යයි දන්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසීය.

‘ලංවිම සභාපතිවරයා ඉල්ලා අස්වන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නෑ’ ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් තිලක් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දන්වා ඇත්තේ තමන් එම ධුරය බාර ගත්තේ කෙටි කාලයකට බවත් එම කාලය අවසන් වීම නිසා ඉල්ලා අස්වන බවත්ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජය යටතේ ආචාර්ය සියඹලාපිටිය මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 26 වන දින ලංවිම සභාපති ධුරයට පත් කරන ලදී.

Related posts

IndusaraMedia

තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…

IndusaraMedia

පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

IndusaraMedia

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

IndusaraMedia

සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොගිය දන්සල් 8ක් අත්හිටුවයි

IndusaraMedia

බණ්ඩාරවෙල කදුවැටියක මහ ගින්නක්.. නිවන්න හමුදාව යොදයි..

IndusaraMedia

Leave a Comment