25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

මරණ සියයට 70කට හේතුව අධි රුධිර පීඩනය

රට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් සියයට 34.8ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවය.

ඒ අතරින් සියයට 64ක් ඒ සඳහා ඖෂධයක් භාවිතා නොකර බවටද හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය සඳහන් කළාය.

“බොහෝ වෙලාවන්වලදී මේකේ කිසිම රෝග ලක්ෂණයක් දක්වන්නේ නෑ මුල් අවස්ථාවන්වලදී. නමුත් මේ අධික රුධිර පීඩනය ශරීරය තුළ යම් කාලයක් පැවතියාට පස්සේ, සමහර වෙලාවට අපි ඉස්සෙල්ලාම හඳුනාගන්නේ අඝාතය. සමහර අවස්ථාවලදී හෘදයාබාධයක් විදියටත් අධික රුධිර පීඩනය එළියට එන්න පුළුවන්. වකුගඩු රෝගවලට ගොදුරු වුණ අයටත් අධික රුධිර පීඩනය එක ප්‍රධාන සාධකයක් වෙනවා. සිදුවන මරණ අතරින් 70%ක් පමණ අධික රුධිර පීඩනය නිසා ඇති වෙන රෝගී තත්ත්වයන් නිසා සිදුවන මරණ කියන එක සොයාගෙන තියෙනවා අපේ දත්තවලට අනුව. බෝ නොවන රෝග පිළිබඳව අපි වසර 5කට වරක් ලංකාවේ කරනවා සමීක්ෂණයක්. 2021 දත්තවලට අනුව 34.8%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. මේ ජනතාවෙන් 64%ක් පමණ ඖෂධ වර්ගයක් මේ සඳහා භාවිතා කරන්නේ නෑ. තමන්ට අධික රුධිර පීඩනය තියෙනවා කියලා දැනගෙන හිටියේ, 18%ක් විතර ප්‍රමාණයක්. එය භයානක තත්ත්වයක්. ඒ අනුව අලුතින් හඳුනාගත්ත රෝගීන් ප්‍රමාණය වන්නේ 54.7%ක්. මේ අධික රුධිර පීඩනය හඳුනාගත්ත පුද්ගලයින් අතරින් පාලනය කරගෙන තියෙන්නේ 14%ක් පමණයි. මේක ඉතාමත් භයානක තත්ත්වයක්.”

අධි රුධිර පීඩන තත්ත්වයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් මහත්මිය මෙලෙස අදහස් පළ කළාය.

“රෝහල්වලට අමතරව අපිට තියෙනවා සුවදිවි සායනය කියලා. කුඩා ඒකක. නමුත් මේවාට රෝගීන්ගේ පැමිණීම ඉතා අඩුයි. අඩුම වශයෙන් වසරකට වරක්වත් රුධිර පීඩනය මැන ගැනීම වැදගත්. පිරිමි පුද්ගලයෙකු නම් දුම්පානය, මත්පැන් පානය වගේ දේවල් ඉතා නරක දේවල් බලපානවා. රෝගීන් නිතර ව්‍යායාමවලට යොමු විය යුතුයි. එය ඉතා වැදගත්”

adaderana

Related posts

මහින්දානන්ද දඬුවමට එරෙහිව ඇපීල් කරයි.. ඇප ඉල්ලයි..

IndusaraMedia

ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

IndusaraMedia

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

IndusaraMedia

ස්ටාලින් වර්ජනයකට සූදානම් වෙයි

IndusaraMedia

පළාත් පාලන සභිකයන් ගැසට් කිරීමේ ගැටලුවක්

IndusaraMedia

පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

IndusaraMedia

Leave a Comment