29.3 C
New York
July 7, 2025
Foreign NewsHot News

මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000ක් සේවයෙන් ඉවතට

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇත.

මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බව වාර්තා වෙයි.

සේවක කප්පාදුව හරහා මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර 2023 දී මයික්‍රොසොෆ්ට් සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත්කිරීමෙන් පසු සිදුකරන විශාලතම සේවක කප්පාදුව මෙය වේ.

Related posts

චමරි අතපත්තුට දඩ

IndusaraMedia

තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම

IndusaraMedia

මහින්දානන්ද දඬුවමට එරෙහිව ඇපීල් කරයි.. ඇප ඉල්ලයි..

IndusaraMedia

නුගේගොඩ දී මහ මඟ මෝටර් රථයක් පෙරළෙයි

IndusaraMedia

චාල්ස් තෝමස්ගේ ‘සිහිනය’ මල්වතු නාහිමි තහනම් කරයි.. 

IndusaraMedia

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

IndusaraMedia

Leave a Comment