මයික්‍රොසොෆ්ට් සේවකයින් 6,000ක් සේවයෙන් ඉවතට

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇත.

මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බව වාර්තා වෙයි.

සේවක කප්පාදුව හරහා මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර 2023 දී මයික්‍රොසොෆ්ට් සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත්කිරීමෙන් පසු සිදුකරන විශාලතම සේවක කප්පාදුව මෙය වේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments