29.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්.

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්  වෙත දැනුම් දි තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ එම තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය.

පසුගිය 06 දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ දී ඒ ඒ පක්ෂවලට හිමි වූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව අනුව සභිකයින් තෝරාගත යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වෙත ලිඛිතව දැනුම්දිමක් සිදුකර තිබේ.

ඒ අනුව සතියක් තුළ පළාත් පාලන ආයතන සඳහා සභිකයින් නම්කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පක්ෂවලට දැනුම් දි ඇත. 

ඊට අමතරව බහුතර බලයක් හිමි වූ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් නම් කර එවන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී තිබේ.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී 50%ට වැඩි බහුතර බලයක් හිමිකරගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත අදාළ දැනුම් දීම සිදුකර ඇති බව සඳහන් වේ.

පළාත් පාලන ආයතනවල සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතනවල නගාධිපතිවරුන් සහ සභාපතිවරුන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

පළාත් පාලන සභිකයන් ගැසට් කිරීමේ ගැටලුවක්

IndusaraMedia

ලුණු සඳහා උපරිම සිල්ලර මිලට එකඟතාවයක්

IndusaraMedia

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි

IndusaraMedia

සජබය අර්බුදයක සංවිධායකවරු රැසක් පෝලිමේ ඉල්ලා අස්වෙයි

IndusaraMedia

ඩෙංගු චක්‍රලේඛයට විදුහල්පති සංගම්වල විරෝධය

IndusaraMedia

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

IndusaraMedia

Leave a Comment