පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පොහොට්ටුව කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත නොවීමට තීරනය කරයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් ඊයේ (14) එකඟතාවයකට පැමිණ තිබුණි.

ඒ අනුව අද පස්වරුව් පක්ෂවල මහලේකම්වරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවුණද පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේදී උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගතවීමට අපේක්ෂා නොකරන බවද ඔවුන් පැවසීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments