23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණි පිරිසක් යාපනයේදී අත්අඩංගුවට

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 6 දෙනෙකු යාපනය වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල පදිංචි දැරියන් දෙදෙනෙකු ඇතුළ සිව්දෙනෙක් සහ යාපනය වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්වය.

වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනා අදාළ පිරිස රැගෙනඒම සඳහා මෙරට සිට යාත්‍රාවක් රැගෙන ගිය අය වෙයි.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අනෙක් සිව්දෙනා මෙරට සිට නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට ගොස් එහිදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට හසුවී රඳවා සිටි පිරිසක් බවය.

ඔවුන් මෙලෙස යළි මෙරටට ඇතුළුවීමට උත්සාහ ගැනීමේදී යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

Related posts

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ සිටි තවත් 15ක් මුදා ගැනෙයි

IndusaraMedia

බෙංගලූරු ජය සැමරුම ඛේදවාචකයක් වෙයි

IndusaraMedia

2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ

IndusaraMedia

ඩීල් වසන්තට එන්න කියාපිය.. මේවට උත්තර දෙන්න කියාපිය..- මිදිගම ෆැක්ටරියේ අඛණ්ඩ විරෝධතා..

IndusaraMedia

රාජගිරියේ ගින්නක්

IndusaraMedia

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

IndusaraMedia

Leave a Comment