මාලිමාණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ එපා.. ඔවුනට සභා පිහිටුවීමට ඉඩ දෙනු..- පෙරටුගාමී

අනිත් පක්ෂවලට වඩා වැඩි සභික ධූර සංඛ්‍යාවක් ලබාගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එම පක්ෂයට ඉඩ දිය යුතු බව ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව පවසයි.

අනිත පක්ෂ තනි තනිව ලබාගත් සභික ධුර සංඛ්‍යාවට වඩා ජාතික ජන බලවේගය වැඩි සභික ධුර සංඛ්‍යාවක් ලබාගැනීමෙන් පෙනී යන්නේ ජනතාව අනුමත කරන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය බව යැයිද හෙතෙම සඳහන් කළේය.

එම ප්‍රතිපත්ති ඔවුන් ක්‍රියාත්මක කරන ආකාරය දැක තීරණය කිරීමට ජනතාවටම ඉඩ දිය යුතු යැයි ද ඔහු අවධාරණය කරයි.

කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් හරහා ඒවායේ බලය ආණ්ඩු පක්ෂයට අහිමි කිරීමට කිසිවකු කටයුතු නොකළ යුතු යැයිද නාගමුව මහතා කීවේය.

කිසිම සභාවක බලය පිහිටුවීමට ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට ජන අරගල සන්ධානයෙන් තේරී පත් වූ සභිකයන් සහාය නොදක්වන බව ද හෙතෙම පැවසීය.

 C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments