ජනපති රණවිරු සැමරුමට සහභාගී නොවන බවට කතාවක් ගෙතුවේ විපක්ෂය – මන්ත්‍රී චමින්ද ලලිත්

ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික රණවිරු සැමරුම් උත්සවයට සහභාගී නොවන බවට කතාවක් ගොතන ලද්දේ විපක්ෂය විසින් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර පවසයි

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළෙය.

විපක්ෂය විසින් ගොතන මෙම කතාව සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් තහවුරු කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදීයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

රජය විසින් මීට පෙර නිවේදනය කර තිබුණේ ජාතික රණවිරු සැමරුම් උත්සවය; ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ මූලිකත්වයෙන් පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් මෙම සැමරුම් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බවට රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (18) සඳහන් කළෙය.

dasathalank

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments