29.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ජනපති රණවිරු සැමරුමට සහභාගී නොවන බවට කතාවක් ගෙතුවේ විපක්ෂය – මන්ත්‍රී චමින්ද ලලිත්

ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික රණවිරු සැමරුම් උත්සවයට සහභාගී නොවන බවට කතාවක් ගොතන ලද්දේ විපක්ෂය විසින් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර පවසයි

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළෙය.

විපක්ෂය විසින් ගොතන මෙම කතාව සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් තහවුරු කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදීයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

රජය විසින් මීට පෙර නිවේදනය කර තිබුණේ ජාතික රණවිරු සැමරුම් උත්සවය; ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ මූලිකත්වයෙන් පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් මෙම සැමරුම් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බවට රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (18) සඳහන් කළෙය.

dasathalank

Related posts

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්

IndusaraMedia

පාකිස්තානයට භූකම්පනයක්

IndusaraMedia

පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී

IndusaraMedia

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි

IndusaraMedia

ආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවෙනවා – අගමැති

IndusaraMedia

නීච වැඩක් යයි නලින්දට බැණුම්..

IndusaraMedia

Leave a Comment