09 හැවිරිදි පාසල් සිසුවියක් බනිස් ගෙඩියක් මිලට ගන්න ගිහිං ජීවිතක්ෂයට

මුලතිව් – කර්නාට්ටුකේනි ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් 09 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ඛේදනීය සිදුවීම ඊයේ(21) උදෑසන සිදු ව ඇති බවයි.

කෝකිලායි දෙස සිට මුලතිව් දෙසට ගමන් ගත් කුඩා ලොරි රථයක මෙම සිසුවිය ගැටී තිබෙනවා.

අදාළ දැරිය පාසලට රැගෙන යාමට බනිස් විකුණන ත්‍රිරෝද රථයකින් බනිස් ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී අනතුරට ලක් ව ඇති බවයි කෝකිලායි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලද දැරිය මුලතිව් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.

සිද්ධියට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුට එරෙහිව මීට පෙරත් රිය අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසූ බව අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments