23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

රූපවාහිනී සංස්ථා සේවකයින්ගේ හූ හඬින් පන්නා දැමුණු DDG හා DG 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරමින් සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් පන්නා දැමීමේ පුවතක් වාර්තා වනවා.

රූපවාහිනි සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය කියන තැනැත්තිය සේවකයින් සමග නිරතුරුව ආරවුල් ඇති කරගැනීමත්, ඇය සේවකයින් සමග ගනුදෙනු කරන ආකාරය සුහදශීලී නොවීම මෙම පන්නා දැමීමට හේතුව බවයි පැවසෙන්නේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ තනතුරකට පත් කිරීම සිදු කළ ඇයගේ හිතමිත්‍රයෙකු වන අධ්‍යක්ෂ ජනරාල්වරයාව ද අදාළ ජනරාල්වරිය සමග ම සංස්ථාවේ සේවකයින්ගේ විරෝධය සහ හූ හඬ මධ්‍යයේ සිය මෝටර් රථයේ නැග පිටව යන අයුරු දක්නට ලැබෙනවා.

එමෙන්ම තොරතුරු වාර්තා වන පරිදි අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද සේවයේ නියුතු ව සිටි තැනැත්තියක් බවත්, වත්මන් රජය පත්වීමෙන් පසුව පත් වූවන් බවත් පැවසෙනවා.

Related posts

පාකිස්තානයේ ලාහෝර් හි පිපිරීම් කිහිපයක්

IndusaraMedia

හරිනිට ආරක්‍ෂක වලල්ලක් යොදයි…

IndusaraMedia

දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

IndusaraMedia

සජබ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

IndusaraMedia

කැනඩාවේ ස්මාරකය ගැන ලංකාවේ අවධානය

IndusaraMedia

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට

IndusaraMedia

Leave a Comment