25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ජූලි චංග් අගමැතිනි හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති  ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීය. 

එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන්  සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව  මෙහිදී  සාකච්ඡා විය.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී පැහැදිලි කළහ. 

විශේෂයෙන් කාන්තාවන් සඳහා වන සුරැකුම් නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් කෙරෙහි බලපෑම සහ ආධාරක යාන්ත්‍රණය කඩාකප්පල් වුවහොත් ඇතිවන පුළුල් මානුෂීය ගැටළු සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු විය.

(අංජුල මහික වීරරත්න)

Related posts

ජුනි තිහට පෙර වත්කම් බැරකම් ඉල්ලයි

IndusaraMedia

මාලිමාවේ අලුත් මන්ත්‍රීවරු ඊළඟ අවුරුදු 4රේ ලොවෙත් නැතිවෙන්න වැඩ කරනවා

IndusaraMedia

සබරගමුවේ නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණයට රැගෙන ආ හැටි

IndusaraMedia

චමල් රාජපක්‍ෂ අත්අඩංගුවට…?

IndusaraMedia

බලය පිහිටුවන්න මාලිමාවෙන් මටත් කතා කලා.. ඇන්ටිජන් හොරා නිසා මං බෑ කීවා..- දිලිත්

IndusaraMedia

අද මිලිමීටර් 100ක තද වැස්සක්

IndusaraMedia

Leave a Comment