25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට රැගෙන එයි

අභාවප්‍රාප්ත නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත අද (24) සවස රැගෙන ආවේය.

දේහය හෙට (25) පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණ ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අනිද්දා (26) දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති බවය 

කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

1947 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවුණි.

දශක 06කට ආසන්න කාලයක්  තම විශිෂ්ඨ රංගන හැකියාවෙන් හෙළ සිනමාව පෝෂණය කළ මාලිනි ෆොන්සේකා මහත්මිය ශ්‍රී ලංකා සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමට සමත් වුණි.

Related posts

කොළඹ දින්න ඩීල් එක පෙරටුගාමීන් හෙලි කරයි…

IndusaraMedia

මරණ සියයට 70කට හේතුව අධි රුධිර පීඩනය

IndusaraMedia

දක්ෂිණ අධිවේගයේ පාලටුව පිවිසුම ආසන්නයේ බිහිසුණු අනතුරක්

IndusaraMedia

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

IndusaraMedia

ඌරන්ට කාර්ය සාධක බලකායක්

IndusaraMedia

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

IndusaraMedia

Leave a Comment