23.4 C
New York
July 7, 2025
HealthHot NewsLocal News

චිකුන්ගුන්යා ශීඝ්‍ර ව්‍යාප්තියක

නට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය බහුලවී ඇතැයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පවසයි.

මෙම රෝගයේ සැලකිය යුතු ව්‍යාප්තියක් වාර්තා වී ඇත්තේ 2006,2007 සහ 2008 වසරවල දී බවද වෛද්‍ය චින්තන පෙරේරා මහතා කියා සිටියේය. 

උණ, ඇඟපත වේදනාව, ඇඟ වෙව්ලීම හා හන්දි වේදනාව සහ හන්දි ඉදිමීම මෙම රෝගයේ ලක්ෂණ ලෙස දැකගත හැකි බව ද පැවසු වෛද්‍යවරයා බොහෝ රෝගීන්ට දින කිහිපයක් ඇතුළත මෙම රෝගය සුවවුවත් ඇතැමුන්ට හන්දි වේදනාව ටික කාලයක් පවතින බව ද පැවසීය.

මෙම රෝග කාරකය ඩෙංගු මදුරුවාගෙන්ම ව්‍යාප්ත වෙන බව සඳහන් කළ වෛද්‍ය චින්තන පෙරේරා මහතා, මෙම රෝගියෙකුගෙන් රෝගියෙකුට බෝ වීමක් සිදුනොවන බව ද සඳහන් කළේය.

ගර්භණී මව්වරු, දරුවන් හා නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය මෙම රෝගී තත්ත්වයෙන් පරිස්සමින් කරගැනීම වැදගත් බව ද  වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජනාධිපති වියට්නාමයේ සිට පුද්ගලික ගුවන් යානයකින් පැමිණීමෙන් විශාල මුදලක් රටට ඉතිරු වුනා..- විජිත

IndusaraMedia

පාසල් සිසුන්ට නොමිලයේ බෙදන්න දුන් එළවළු තෙල් බෙදනා නෑ, කලුත් ඉකුත් වෙලා

IndusaraMedia

IndusaraMedia

පොහොට්ටුවේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් අද හවසට

IndusaraMedia

විදුලි ගාස්තු වැඩි කර නෑ.. ජනතාවට දරන්නට පුළුවන් මට්ටමට ගෙනාවා පමණයි..- ඇමති සරත්

IndusaraMedia

තුන්කොන් සටනේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට

IndusaraMedia

Leave a Comment