23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

චිකන්ගුන්‍යා හැඳුනොත් මේ ඖෂධ ගන්න එපා

චිකුන්ගන්යා රෝගය වැළඳුණ හොත් NSAID කාණ්ඩයට අයත් බෲෆන්, ඩයික්ලු ෆැනක් සෝඩියම්, මෙෆැණිමික් ඇසිඩ් වැනි ඖෂධ වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවට අවධාරණය කර සිටී.

එම කාර්යාංශය ඉල්ලා සිටින්නේ උණ සහ හන්දි වේදනාවට පැරසිටමෝල් පමණක් භාවිත කරන ලෙසත් ගර්භිනී මව්වරුන්, කුඩා දරුවන්, වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් සහ වෙනත් නිදන් ගත රෝගවලින් පෙළෙන අය සෑම විටම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත්ය.

චිකුන්ගන්යා රෝගය පැතිරීම ආසාදිත Aedes aegypti සහ Aedes albopictus මදුරු දෂ්ටනයෙන් සිදුවන අතර ඩෙංගු රෝගය පැතිරීමද මෙම මදුරුවන් මගින් සිදුවීම විශේෂත්වයකි.

ඒ අනුව චිකුන්ගන්යා රෝගියෙකු එවැනි මදුරු දෂ්ටනයකට ලක් වීමෙන් අනතුරුව එම මදුරුවාම වෙනත් පුද්ගලයකු දෂ්ටනය කිරීමේදී වයිරසය ශරීරගතවීම සිදුවනු ඇත.

උදගතව ඇති තත්ත්වය තුළ යමෙකුට වමනය, විජලනය හෝ හන්දිපත් රුදාව දරුණු ලෙස පවතී නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර හැකි තාක් දියර වර්ග පානය කළ යුතුය. ඒ අනුව ජීවනීය හෝ ජලය නියමිත පරිදි ලබාදීමෙන් විජලනය වළක්වා ගත හැකිවනු ඇත.

නිදර්ශනී වික්‍රමසිංහ

Related posts

ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

IndusaraMedia

කෘත්‍රිම බුද්ධියට (AI) එරෙහි පනතක්-AI පාවිච්චි කළොත් වැඩ වරදී

IndusaraMedia

අදෘශ්‍යමාන බලවේග කියා දෙයක් නෑ.. මිනිසාට සියල්ල සොයා ගත හැකියි..- බිමල්

IndusaraMedia

පානදුර ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙක් මරුට

IndusaraMedia

කහවත්තේ වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට

IndusaraMedia

ගිනි අවි, උණ්ඩ සමග ලොක්කෙක් අත්අඩංගුවට..

IndusaraMedia

Leave a Comment