25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවයි “අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු” පැවසීය.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සහා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම දුත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

Related posts

සබරගමුවේ නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණයට රැගෙන ආ හැටි

IndusaraMedia

ශ්‍රී ලංකාවේ මීළඟ පියවර ගැන IMF මතක් කරයි

IndusaraMedia

දීර්ඝ පාස්පෝට් පෝල්ම යලිත්.. පෝලිමේ රැය පහන් කරති…

IndusaraMedia

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

IndusaraMedia

පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී

IndusaraMedia

වසර 16කට පසු රට පුරා වෛරස් රෝගයක් වේගයෙන් පැතිර යමින්..

IndusaraMedia

Leave a Comment