ප‍්‍රා. සභා ආරම්භක උත්සව අවසානයේ ‘ශ‍්‍රී ලංකා මාතා’ වෙනුවට ‘රට අනුරට’ ගීතය ගයයි…

අලුතෙන් පිහිටුවන ලද ප්‍රාදේශීය සභාවක පලමුදා පැවති උත්සවය අවසානයේදී ජාතික ගීය වෙනුවට ‘රට අනුරට’ ගීතය වාදනය කර ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ඔ්නෑම රජයේ උත්සවයක මෙන්ම වෙනත් උත්සව බොහෝමයක් අවසානයේදී මෙරට වාදනය කරන්නේ ජාතික කීය බවත් එයද වත්මන් පාලනය විසින් පටලවාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ඔහු මෙම චෝදනාව එල්ල කලේ දෙරණ රූපවාහිනිය පැවති වාද පිටි වැඩසටහනේදීය.

කෙසේ වෙතත් ඊට ප‍්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයෙන් සහභාගි වූ මන්ත්‍රීවරුන් කියා සිටියේ තමන් මේ ගැන දැනුවත් නැති බවත් අදාළ උත්සව න්‍යාය පත‍්‍රය සකස් කරන්නේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් වරුන් නොව එම සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් බවයි.

ඒ නිසා එම චෝදනාව එල්ල විය යුත්තේ රාජ්‍ය නිලධාරීන්ට බවද ඔවුන් සඳහන් කළහ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments