රු. කෝ. 10ක් වංචා බැංකුවට වංචා කළ එම බැංකුවේම නිලධාරිනියන් දෙන්නෙක් අල්ලයි

පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක්  සහිත රන් භාණ්ඩ උගස්කර  රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේම නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  මාණ්ඩලික සහකාර නිලධාරිනියක් ලෙස කටයුතු කළ තැනැත්තියක් සහ කනිෂ්ඨ විධායක නිලධාරිනියක් ලෙස කටයුතු කළ තැනැත්තියකි

සැකකාරියන් දෙදෙනා උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100/= ක  වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක්  අනුව අත්අඩංගුවට ගෙන තිබිණි

ඒ අනුව කනිෂ්ඨ විධායක නිලධාරිනිය ලෙස  සේවය කළ  37 හැවිරිදි සැකකාරිය වාද්දුවේ තල්පිටිය දකුණ , දළදාවත්ත පාර නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකාරිය වන 39 හැවිරිදි  කනිෂ්ඨ විධායක නිලධාරිනිය  පානදුර ශ්‍රීමහා විහාර පාරේදී නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාරියන් පොදු දේපළ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  විමර්ශන අංශ (1) පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන්  ජයසිංහ

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments