25.3 C
New York
July 7, 2025
Hot NewsLocal NewsPolitical News

කෙහෙළියගෙන් පැය 5ක ප්‍රකාශයක්

කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළව අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන්  පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍යවරයාට කළ දැනුම් දීමකට අනුව ඔහු අද (9) එම කොම්ෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ සහ ඔහුගේ පවුලේ  සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව සිදු කරන  විමර්ශන වලට අනුව අමාළි රඹුක්වැල්ල මහත්මියගෙන්ද  ඉකුත්දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

ඊට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත්  රඹුක්වැල්ල මහතාද මෙම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අල්ලස් හෝ දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදු කරයි.

(ගයාන් සූරිය ආරච්චි)

Related posts

ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට නඩු

IndusaraMedia

‘ජනපතිට ග‍්‍රිසියේ නැවු’ කතාව ප‍්‍රචාරය කල සමාජ ජාල ගිණුම්වලටත් වැඩ වරදී…

IndusaraMedia

දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

IndusaraMedia

මැතිසබේ සේවක කෑම බිල තුන් ගුණයකින් නග්ගයි

IndusaraMedia

මහ බැංකුව පොලී අඩු කරයි

IndusaraMedia

දෙහිවල දී අඹුසැමියන් දුම්රියට බිලි

IndusaraMedia

Leave a Comment