29.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

පහරදිමකින් බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් රෝහලට

බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකර තිබුණි

එහිදී පොලීසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතබා ඇත.

බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලීසිය උපදෙස් දී තිබේ.

එහිදී දෙපාර්ශවය අතර කතාබහක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු පොලිසියට පහරදී ඇති බවද සඳහන්ය.

Related posts

72 වැනි ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචාටා චොන්සිරිට

IndusaraMedia

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පොහොට්ටුව කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත නොවීමට තීරනය කරයි

IndusaraMedia

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

IndusaraMedia

ඌරන්ට කාර්ය සාධක බලකායක්

IndusaraMedia

ප්‍රංශ ජනපති නෝනාගේ සත්තම

IndusaraMedia

Starlink මෙරට ප‍්‍රමාද වෙන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..- නලින්ද

IndusaraMedia

Leave a Comment