25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

තරුණ සේවා සභාවේ තව සෙල්ලම් විගණනයෙන් එළියට

ජාතික තරුණ  සේවා  සභාව තරුණ තරුණියන්ගේ  දැනුම කුසලතා නැංවීම සහ  ශිල්පිය දැනුම  වර්ධනය කිරීම සඳහා  භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදා ගැනීම වෙනුවට  තරුණ තරුණියන්ට  රසාස්වාදනය  ලබාදීමට යැයි පවසමින් පසුගිය වසරේදී ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග පැවැත්වීමට පමණක් රුපියල් කෝටි තිස් දෙකකට වැඩි මුදලක් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය  එම සභාවේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාවේ දැක්වේ.

ඔවුන් මෙම සංදර්ශන පවත්වා තිබුණේ ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරන ප්‍රදර්ශන සහ සැණකෙළි තුළින් 2030 වන විට තරුණයන්ගේ ශාරීරික සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය මෙන්ම බෝවන රෝග වැළඳීමේ අවස්ථාව තුනෙන් එකකින් අඩුකර ගත හැකි බව දක්වමිනි.

නමුත් එසේ  ලෙඩ රෝග අඩු කරගත හැකි බවට විද්‍යාත්මකව සනාථ කර ගැනීමට කරුණු දක්වා නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

බණ්ඩාරවෙල නගරයේ පැවති සංගීතමය වැඩසටහනකට අවශ්‍ය සේවා කුලී පදනම මත සපයා ගැනීමේදී  අමතර ගෙවීමක් මත රජයට ලක්ෂ තිහකට වැඩි මූල්‍යමය අලාභයක් සිදු වූ බව පවසන එම වාර්තාව ඉහත මුදල වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගත යුතු බවටද  නිර්දේශ කරයි.

එසේම ජාතික තරුණ සේවා සභාව  නෙළුම් පොකුණ රඟහලේදී  2024 වසරේ දෙසැම්බර්31 දින පැවැත් වූ සංස්කෘතික හා සංගීතමය ප්‍රසංගයක් වෙනුවෙන්ද රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වැය කර තිබූ බව එහි සඳහන්  වෙයි.

(සුජිත් හේවාජුලිගේ)

Related posts

ChatGPT ලොව පුරා හදිසි බිඳ වැටීමක

IndusaraMedia

මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්තමක කිරීමට කැනඩාවේ විශේෂ අවධානය…

IndusaraMedia

දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

IndusaraMedia

පාළාත් සභා මැතිවරණය කල් යයි..

IndusaraMedia

ජපුර සරසවියේත් නවක වදසබරගමු සිසුවාගේ මරණයට රටම තැවෙද්දී ජ’පුරෙත් නවක වද

IndusaraMedia

රටවල් රැසක් ඉරානයෙන් හා ඊශ‍්‍රායලයෙන් තම පුරවැසියන් ඉවත් කර ගනිති..

IndusaraMedia

Leave a Comment