29.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ තොගයක් සමග ගිනිබටයෙක් අත්අඩංගුවට

දෙහිවල නැදිමාල රුපසිංහ පාරේ සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්‍රීඩ් කුෂ් පැල තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 33ක් වූ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනිබටයෙකි.

එම සැකකරු සමග අඩි 2 -1/2 – 3 ආදී විවිධ ප්‍රමාණවලින් ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ 36 ක් පොලිස් භාරයට ගෙන ඇ‍ති බවයි වාර්තා වෙයි.

දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව අලුත් ගෙදර ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අන්තර්ජාලය හරහා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද ගංජා හයිබ්‍රිඩ් කුෂ් ඇට මගින් මෙම පැළ රෝපණය කරන බවට අනාවරණය වී ඇති බවය පොලිසිය පවසයි.

එමගින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය මිතුරන් අතරේ අලෙවි කරන බව පැවසුවත් එම සැකකරු රාත්‍රී සමාජ ශාලාවල සඳහා යොමු වන්නන් සඳහා අධික මුදලකට අලෙවි ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසයි.

මෙම පැළ වේලීමෙන් අනතුරුව ග්‍රෑම් එකක් රුපියල් 8500/= මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Related posts

IndusaraMedia

කොළඹ විරොධතා.. ඩුප්ලිකේෂන් පාරේ වාහන නවතී.. කැරලි මර්ධන කැදවයි..

IndusaraMedia

ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට

IndusaraMedia

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක

IndusaraMedia

පානදුර ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙක් මරුට

IndusaraMedia

සක්විති රණසිංහට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

IndusaraMedia

Leave a Comment