අ.ඩො ලක්ෂ එකහමාරකට අලෙවි වූ ලබුබු බෝනික්කා

ලබුබු බෝනික්කෙක් අමෙරිකානු ඩොලර් ලක්ෂ එකහමාරකට අලෙවි වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මිනිස් සිරුරේ ප්‍රමාණයට සමාන ප්‍රමාණයෙන් යුතු එම විශාල ලබුබු බෝනික්කා මෙලෙස අලෙවි වී තිබුණේ චීනයේ බීජිං නුවර පැවති වෙන්දේසියකදීය.

 ලබුබු, ඔබට නිසැකවම දැන් නුහුරු වදනක් නොවේ.

ලබුබු නමින්, මෙලෙස ලොව පුරා ලොකු කුඩා කාගේත් ආදරයට පාත්‍ර වී ඇත්තේ, අපූරු මුහුණක් ඇති බෝනික්කන් විශේෂයකි.

මේ ලබුබු බෝනික්කන් වෙනුවෙන් ලොවපුරා කාගෙත් වැඩි ඉල්ලීමක් හිමිවුණේ ලෝකප්‍රකට ගායක කණ්ඩායමක් වන බ්ලැක් පින්ක් හි සාමාජිකාවක සිට පසුව අතිශය ජනාදරයක් දිනාගත් ලීසා, එම බෝනික්කන් සම්බන්ධයෙන් දුන් ප්‍රචාරය හේතුවෙනි.

 වෙන්දේසියේ තැබූ බෝනික්කා අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහස ඉක්මවූ මුදලකට අලෙවි වී තිබුණි.

එය ලබුබු බෝනික්කෙක් අලෙවි වී ඇති වැඩිම මුදලයි.

මෙම වෙන්දේසිය පවත්වා තිබුණේ යොන්ග්ලේ ජාත්‍යන්තර වෙන්දේසි සමාගම මගින්.

පැය 48ක කාලයක් ලබාදී තිබූ මේ වෙන්දේසිය සඳහා 200 ඉක්මවු පිරිසක් ලංසු තබා තිබූ බව වාර්තා වේ.

ඊට අමතරව තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අන්තර්ජාලය ඔස්සේ ඊට ලංසු තබා තිබුණි.

ලබුබු නම් අපූරු බෝනික්කා පළමුව නිර්මාණය කර ඇත්තේ හොංකොං ජාතික කලාකරුවෙක් වන කේසිං ලන්ග් විසිනි.

ඉන් පසුව ක්‍රමයෙන් එය ලොවපුරා වෙසෙන කලාකරුවන් අතර ජනප්‍රිය වූ අතර, එහි මිලද ක්‍රම යෙන් ඉහළ ගියේ පවතින අසීමිත ඉල්ලීම හේතුවෙනි

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments