මහ බැංකුවෙන් නිවේදනයක්

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත. මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

ඒ අනුව, බලපෑමට ලක් වූ ණය ගනුදෙණුකරුවන්හට පොලී සහන සහ නව ණය ලබා දීම ඇතුළු තවදුරටත් සහන ලබා දෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් ලබා දී ඇති අතර, 2024 අංක 04 දරන චක්‍රලේඛය ප්‍රකාරව බලපත්‍රලාභී බැංකුවලට සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන් සමඟ ණය ප්‍රතිලේඛනගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා ලබා දී ඇති කාලසීමාව ද 2025.06.15 සිට 2025.06.30 දක්වා දීර්ඝ කර ඇත.

ඉහත චක්‍රලේඛයේ දක්වා ඇති පරිදි ව්‍යාපාර යලි පණ ගැන්වීම පිළිබඳ සාකච්ඡා සඳහා බලපත්‍රලාභී බැංකු සමඟ සම්බන්ධ වූ ණය ගනුදෙණුකරුවන්හට මෙම සහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අදාළ බලපත්‍රලාභී බැංකු වෙතින් ලබා ගත හැකිය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments