Ceylon Times

Challenging Ideology

විදුලි ගාස්තු වැඩි කර නෑ.. ජනතාවට දරන්නට පුළුවන් මට්ටමට ගෙනාවා පමණයි..- ඇමති සරත්

මෙවර විදුලි බිල වැඩි කිරීමක් සිදුකර නැති බවත් සිදුකර ඇත්තේ ජනතාවට දරන්නට පුළුවන් මට්ටමකට විදුලි බිල ගෙන එමක් පමණක් බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සඳහන් කරයි.

නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසුවේය.

විදුලි බිල අදටත් ගියා අණ්ඩුව තිබ්බට වඩා අඩු කරලා තියෙන්නේ 15කින්…

30කට වඩා විදුලිබිල අඩුවීමක් පහුගිය කාලේ කරා. එතකොට ඒක දැනට බිදුලිබල මණ්ඩලයට ඒ ප්‍රමාණය දරන්න බැහැ කියලා තමයි නව සංශෝධනය ඇවිල්ලා තියෙන්නේ.

විදුලිබිල අඩු කරලා නැවත ඒ බිලේ බර දරන්න වෙන්නේ කාටද විදුලිබිල වැඩි කරලා තියෙන්නේ වියදමට සාපේක්ෂවනේ එතකොට ඒක ඒ බර අඩු වෙච්ච එක දරන්න ඕනේ කවුද දරන්න ඕනේ මේ රටේ ජනතාව…

නිෂ්පාදන වියදමට සරිලන මිලක් මහජන උපයෝගිතා කොමිසමත් විදුලි බල මණ්ඩලයත් තියලා තියෙනවා…

එහෙම නැතුව විදුලිබිල වැඩි කරලා නෙමෙයි මේ තියෙන්නේ. ඒ කොමිසන් සභා කියනවා ජනතාවට දරන්න පුළුවන් වෙන මිල මේ තීන්දු කරලා තියෙන්නේ.

මීට වඩා අඩු කරොත් මහා භාණ්ඩාගාරය දරන්න ඕනේ වෙන බදුවලින් ඉතින් ඒකත් ජනතාව දරන්නේ.

වැඩි ලාභයක් ලබමින් ඉදලා වැඩි කරනවා නම් තමයි වැරදියි. මීට කලින් එහෙම සිද්ධ වුණේ

දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒක නෙවෙයි ඒ සමස්ත ගත්තු ණයත් දැන් යන පිරිවයත් සංසන්දනය කරලා ජනතාවට දෙන්න පුළුවන් ඉහළම මිලා අපිරිලා තියෙන්නේ.

මේ වැඩි කරලා නෙවෙයි තියෙන්නේ ජනතාවට දරන්න පුළුවන් මට්ටමකට විදුලිබිල ගෙනීම තමා මේ කරලා තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *