29.3 C
New York
July 7, 2025
Hot NewsLocal NewsPolitical News

වියදමෙන් කට්ටි පැන්න අපේක්ෂක 2433කට නඩු

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.

එම වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන එම අපේක්ෂකයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනු ඇත.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 76992 ක් සිය ආදායම් වියදම් වාර්තා භාරදී ඇති බවත් ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරිපත් කෙරුණු ආදායම් වියදම් වාර්තාවල තොරතුරු සම්බන්ධයෙන් යම් විරෝධයක් හෝ කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඒවා ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

(සුජිත් හේවාජුලිගේ)

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි..

IndusaraMedia

පොහොට්ටුවේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් අද හවසට

IndusaraMedia

ගිනි අවි, උණ්ඩ සමග ලොක්කෙක් අත්අඩංගුවට..

IndusaraMedia

ලිට්‍රෝ මෑන්පවර් සේවකයින් වර්ජනයක

IndusaraMedia

පොල් මිල වැඩි ඇයි.. ජනපතිට ප‍්‍රශ්ණයක්..

IndusaraMedia

අපි ගත්ත ප්ලේන් එක නිසා ජනතාව සතුටු වෙනවා දැකලා මට කදුළු ආවා…- බිමල්

IndusaraMedia

Leave a Comment