23.4 C
New York
July 7, 2025
Foreign NewsHot News

ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනිකන්ද සක්‍රිය වෙයි

මධ්‍යම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ පිහිටි තිබෙන ලෙවෝටෝබි ගිනිකන්ද මේ වනවිට සක්‍රිය වී තිබේ.

ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය සැතපුම් 6කට (කිලෝමීටර් 11) වඩා ඉහළ අහසේ විසිරී තිබෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන් තැඹිලි පාට හතු හැඩැති වලාකුළක් කිලෝමීටර් 150කට වඩා දුරකටත් ඉතා පැහැදිව දර්ශනය වන බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් කරයි.

ලෙවෝටෝබි ගිනි කන්ද ලාකි-ලාකි හා පෙරෙම්පුවාන් ලෙස නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත වන අතර, එහි ලාකි-ලාකි කොටස මෙලෙස සක්‍රිව වී තිබේ.

මෙම ගිනිකඳු පිපිරීමක් සමග සංචාරක දූපතක් වන බාලි වෙත සහ ඉන් පිටවන ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත.

ඉන්දුනීසියානු බලධාරීන් මේ වනවිට ඉහළම අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

IndusaraMedia

ට්‍රම්ප්-ඉලොන් මස්ක් තරහා වෙලා

IndusaraMedia

ජනපති හා ජර්මානු විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

IndusaraMedia

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ පත්වීම බලරහිත කරමින් නියෝගයක්

IndusaraMedia

නැදිමාලේ වෙඩිතැබීමක්

IndusaraMedia

පරාටේ නීතිය ගැන සජිත් ආණ්ඩුවෙන් කළ ඉල්ලීමක්

IndusaraMedia

Leave a Comment