දින 4කදී රු. බිලියන 202ක් කොටස් වෙළෙඳපොළට අහිමිවෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අඛණ්ඩව සිව්වන දිනයටත් අද (18) වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ දී ඒකක 210.51කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 57.43කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,071.44ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,094.31 ක් ලෙසත් සටහන්ව තිබුණි.

හේලීස්, CT හෝල්ඩිංග්ස් සහ සම්පත්, DFCC හා  HNB යන බැංකු සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දින සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් හේතුවී තිබුණු අතර සමාගම් 176 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබුණි.

රු. බිලියන 3.89ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.32ක් හා දේශීය විකිණුම් රු.බිලියන 3.37 ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 573ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 522ක් ලෙසින් වාර්තා වී ඇත.

කොටස් වෙළෙඳපොළේ අද දින කඩා වැටීමත් සමඟම පසුගිය දින 04 තුළ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 590ක පහළ යාමක් වාර්තා වන අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මෙම දින 04 තුළ රු. බිලියන 6,327.31 සිට රු. බිලියන 6,125.89ක් දක්වා රු. බිලියන 202කින් පහළ ගොස් තිබේ.

adaderana.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments