25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා විසින් මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමින්ය.

හොරණ –  කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි මහතා පවසා සිටියේ, මේ සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බවය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදීමට කටයුතු කර තිබුණු බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර, හොරණ – කොළඹ මාර්ගයේ වේලා සටහන්කරුවන් නිසි ලෙස රාජකාරිය ඉටුනොකිරීම සහ අසාධාරණ ලෙස අයතා අන්දමින් මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවත් ඒ සඳහා නිසි විසඳුමක් ලබාදෙන ලෙසත් මොවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

මානුෂීය මෙහෙයුමේදී සොයාගත් රන් භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

IndusaraMedia

සෝමවංශ අමරසිංහ 09 වැනි ගුණ සැමරුම

IndusaraMedia

25 වසරකට පසු පාකිස්ථානයේ පිහිටි මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දමයි

IndusaraMedia

කොළඹ දින්න ඩීල් එක පෙරටුගාමීන් හෙලි කරයි…

IndusaraMedia

“මේ රට හදන්න සහභාගි වෙන්න” ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්.!

IndusaraMedia

දෙහිවල දී අඹුසැමියන් දුම්රියට බිලි

IndusaraMedia

Leave a Comment