ෂුභාන්ෂු ෂුක්ලා ඉන්දීය ඉතිහාසය අලුත් කරමින් අභ්‍යවකාශ තරණයට එක්වෙයි

ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ මිනිසුන් රැගත් 5වෙනි ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය මෙරට වේලාවෙන් අද (25) මධ්‍යාහ්න 12:01ට අභ්‍යවකාශගත කෙරුණි.

ඒ, අභ්‍යවකාශයට යන දෙවැනි ඉන්දීය ජාතිකයා වන ෂුභාන්ෂු ෂුක්ලා ද සමගිනි.

නාසා ආයතනයට අයත්, අමෙරිකාවේ ෆ්ලොරීඩා හී කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ 39A සංකීර්ණයේ සිට මෙම මෙහෙයුම සිදුකෙරුණි.

ෆැල්කන් නයින් (Falcon 9) රොකට්ටුවක් මගින් අභ්‍යවකාශගත කෙරෙන මෙම යානය මගින් ගගනගාමීන් සිව් දෙනෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගෙන යාමට නියමිතය.

මෙම මෙහෙයුම නම් කර ඇත්තේ ඇක්සියෝම් 4 ලෙසය.

ඊට එක්වන අනෙක් ගගනගාමීන්, අමෙරිකාව, පෝලන්තය සහ හංගේරියාව නියෝජනය කරයි.

ඊට එක්වන කපිතාන් ෂුභාන්ෂු ෂුක්ලා ඉතිහාසයට එක්වන්නේ, වසර 40කට පසු අභ්‍යාවකාශ තරණය කරන දෙවැනි ඉන්දීය ජාතිකයා ලෙසය.

අමෙරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝන් 1969 වසරේදී සිදුකළ සාර්ථක සඳ තරණ ගමන ආරම්භ කෙරුණේ ද කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පිහිටි මේ 39A සංකීර්ණයේ සිට වීම විශේෂත්වයකි.

අභ්‍යවකාශයට ගිය පළමු ඉන්දීය ජාතිකයා වන්නේ 1984 වසරේදී අභ්‍යාවකාශය තරණය කළ රාකේෂ් ෂර්මාය.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments