23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ශ්‍රී ලංකාව ගැන මාධ්‍යට අදහස් දක්වයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසීය.

මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, රජය සමග මෙම පනත  සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.

එමෙන්ම ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙස තමා ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මානව හිමිකම් මහකොමසාරිස්,

“සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 

ඒ වගේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතුයි. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ණ කටයුතු යළි ආරාම්භ කිරිම ධනාත්මක පියවරක් බවද කිව යුතුයි.

තවද ආරක්ෂක සහ පොලිස් ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම වැදගත් වෙනවා” යනුවෙන්ද පැවසීය.

Related posts

මර්වින්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

IndusaraMedia

ඩෙංගු, චිකන්ගුන්යා වැඩිවෙනවා.. ඇල සහ කාණු සුද්ද කරන්න..- ජනපති

IndusaraMedia

පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය.

IndusaraMedia

අගමැති හරිනිට එරෙහිව විශ්වාස භංගයක්..?

IndusaraMedia

නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට රැගෙන එයි

IndusaraMedia

2023 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය ජනතාවට බලපෑ අයුරු

IndusaraMedia

Leave a Comment