23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ලෝක ආර්ථික සමුළුවේ මා කල කතාව විකෘති කර ෆේස්බුක් දාලා..

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවට පැවසුවේ චීනයේ පැවති ලෝක ආර්ථික සමුළුවේදී තමා කළ කතාව ඇතැම් පුද්ගලයින් විසින් ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට ගැලපෙන පරිදි වැරදි ලෙස නිරූපණය කර ඇති බවයි.

තම ප්‍රකාශය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුවේ, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට නොගත් විභවයන් සහ පවතින සම්පත් තමන් ඉස්මතු කළ බවයි.

“මං දැක්කා සමාජ මාධ්‍යවල මං ලෝක ආර්ථික සමුළුවට ගිහින් ඉදිරිපත් කළ කතාව විකෘති කරලා ඒ ගොල්ලන්ට ගැළපෙන විදිහට ඉදිරිපත් කරනවා. මම එතනදි කීවෙත් ඒකයි.

අපේ රටේ බුද්ධිමත් තරුණ පිරිස පිටරටවලට යනවා. අපි නිදහස් අධ්‍යාපනයෙන් උගන්වන අය පිට රටවලට යන එක අපරාධයක්. ඒක ආසියානු කලාපයේම අර්බුදයක්.

අපේ රටවලට යුරෝපයේ තිබෙන මත්ද්‍රව්‍ය එනවා. සංචාරක කර්මාන්තයට අපි කැමති වුණාට මත්ද්‍රව්‍යයවලට කැමති නෑ. අපි ඒක බේර ගන්න ඕන.”

C news

Related posts

ග‍්‍රිසියේ නැවු ගැන කියන්න හල්ඔළුව රහස් පොලිසියේ..

IndusaraMedia

මහ බැංකුවෙන් නිවේදනයක්

IndusaraMedia

ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ

IndusaraMedia

ලංවිම සභාපති අස්වුන්නෑ.. රට ගිහින් එන්න ගියා විතරයි..- බලශක්ති අමාත්‍යංශය

IndusaraMedia

ගමේ පාරවල් ඉක්මනට හදන්න – ජනපති

IndusaraMedia

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්

IndusaraMedia

Leave a Comment