23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

මාලිමාවට විරුද්ද වූ මාලිමා සභාපති වැඩ බාර ගනී..

ජාතික ජන බලවේගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරි පත් වී දැනට ස්වාධීනව කටයුතු කරන සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා (30) දින නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව වෙත ගොස් නිළ වශයෙන් එම සභාවේ ලේකම් කේ.මුරලි මහතා ඉදිරියේදි වැඩ භාර ගනු ලැබුවා.

කිසිදු උත්සවයකින් තොරව එම සභාවට ජාතික ජන බලවේගයේන් තේරි පත් වූ දොන් බැසටියන් බන්දුසිරි රනවීර මහතා සහ එම සභාවට දමිළ ප්‍රගතිශීලි තේරි පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතා සමග පැමිණ ලේකම්වරයා ඉදිරියේ දිවුරුම් දී නිළ වශයෙන් වැඩ භාර ගනු ලැබුවා.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ නෝර්වුඩ් ප්‍රාදේශිය සභවේ සභාපතිවරයා කියා සිටියේ දූෂණය තොර නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව නෝර්වුඩ් බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් (30) දින සිට සිදු කිරිමට කටයුතු කරන බවයි.

මෙහිදි අදහස් දැක්වූ එම සභාවේ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතා කියා සිටියේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාව තුල පසුගිය පාලන කාලයේ දූෂණ වංචා රැසක් සිදු වී ඇති බවත්, එම දූෂන වංචා සිදු කල අයට එරෙහිව නීතිමය පියවර ගෙන නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ බල ප්‍රදේශයේ ජනතාවට ආණ්ඩු පක්ෂය සමග එක් වී උපරිම සේවාවක් සිදු කරන බවයි.

එම සභාවට ජාතික ජන බලවේගයෙන් තේරි පත් වූ දැනට ස්වාධීනව කටයුතු කරන දොන් බැසටියන් බන්දුසිරි රනවීර මහතා කියා සිටියේ නොර්වුඩ් ප්‍රාදේශීය සභෘව දූෂණය සහ වංචාවෙන් තොර සභාවක් බවට පත් කිරිමට සභාවපතිවරයාට උපරිම සහයෝගය ලබා දෙන බවයි.

– රංජිත් රාජපක්ෂ

Related posts

ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

IndusaraMedia

මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

IndusaraMedia

IVF තාක්ෂණයෙන් කළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකයි

IndusaraMedia

සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොගිය දන්සල් 8ක් අත්හිටුවයි

IndusaraMedia

තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම

IndusaraMedia

ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

IndusaraMedia

Leave a Comment