23.4 C
New York
July 7, 2025
Foreign NewsHot News

25 වසරකට පසු පාකිස්ථානයේ පිහිටි මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දමයි

වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දැමීමට එම ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රම බළකාය අඩු කිරීමේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් ලෙස තාක්ෂණික දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් පාකිස්ථානයේ පිහිටි මෙම කාර්යාලය වසා දමන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සිට පාකිස්ථානයේ පිහිටි එම කාර්යාලය වසා දැමීමට එම ආයතනය පිවයවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ 2023 වසරෙන් පසු සිදුවූ විශාලතම සේවක කප්පාදුවට වූ 9,000ක සේවක කප්පාදුවට අමතරව මෙම ක්‍රියාවලිය සිදුකර ඇති බවය.

මේ අතර මයික්‍රොසොෆ්ට් ආයතනයේ පාකිස්ථානයේ හිටපු ප්‍රධානී ජවාඩ් රෙහ්මාන් සිය LinkedIn ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ව්‍යාපාර මුහුණ දෙන අරගල මෙන්ම මුදලේ අවප්‍රමාණය සහ විදෙස් ආයෝජන පහත වැටීම ඇතුළුව රටේ ආර්ථික අස්ථාවරත්වය මෙම පියවරට හේතුවක් වී ඇති බවය.

කෙසේ වෙතත් පාකිස්ථානයේ පිහිටි සිය කාර්යාලය වසා දැමුවද පාකිස්ථානයට ආසන්න රටවල පිහිටා ඇති අනෙකුත් මයික්‍රොසොෆ්ට් කාර්යාල හරහා පාකිස්ථාන පාරිභෝගිකයින්ට සිය සේවාවන් ලබා දෙන බව එම ආයතනය සඳහන් කර තිබේ.

එම ආයතනය සඳහන් කර ඇත්තේ ලොව පුරා රටවල් ගණනාවක මෙම සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කරන බැවින් සිය ගනුදෙනුකරුවන් උදෙදා ඉදිරියටත් ඉහළ මට්ටමේ සේවාවක් සැපයීම අපේක්ෂා කරන බවය.

Related posts

මාලිමා මන්ත‍්‍රී පිරිසක් කොළඹ SJB නගරාධිපති අපේක්‍ෂකට සහාය දෙන්න එක්වෙති..

IndusaraMedia

ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමට සූදානම්

IndusaraMedia

නුවර කුණුවලින් ටොන් 625ක් කොළඹට

IndusaraMedia

උතුරුමැද පලාත් සභා වාහන වෙන්දේසියෙන් කෝටි දොලහමාරක් හෙවුවා..- ආණ්ඩුකාර

IndusaraMedia

ඇමති බිමල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

IndusaraMedia

ආණ්ඩුව කතා කිරීමට අවසර දී ඇත්තේ දස දෙනෙකුට පමණයි..

IndusaraMedia

Leave a Comment