25 වසරකට පසු පාකිස්ථානයේ පිහිටි මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දමයි

වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දැමීමට එම ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රම බළකාය අඩු කිරීමේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් ලෙස තාක්ෂණික දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් පාකිස්ථානයේ පිහිටි මෙම කාර්යාලය වසා දමන බව නිවේදනය කර තිබේ.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සිට පාකිස්ථානයේ පිහිටි එම කාර්යාලය වසා දැමීමට එම ආයතනය පිවයවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ 2023 වසරෙන් පසු සිදුවූ විශාලතම සේවක කප්පාදුවට වූ 9,000ක සේවක කප්පාදුවට අමතරව මෙම ක්‍රියාවලිය සිදුකර ඇති බවය.

මේ අතර මයික්‍රොසොෆ්ට් ආයතනයේ පාකිස්ථානයේ හිටපු ප්‍රධානී ජවාඩ් රෙහ්මාන් සිය LinkedIn ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ව්‍යාපාර මුහුණ දෙන අරගල මෙන්ම මුදලේ අවප්‍රමාණය සහ විදෙස් ආයෝජන පහත වැටීම ඇතුළුව රටේ ආර්ථික අස්ථාවරත්වය මෙම පියවරට හේතුවක් වී ඇති බවය.

කෙසේ වෙතත් පාකිස්ථානයේ පිහිටි සිය කාර්යාලය වසා දැමුවද පාකිස්ථානයට ආසන්න රටවල පිහිටා ඇති අනෙකුත් මයික්‍රොසොෆ්ට් කාර්යාල හරහා පාකිස්ථාන පාරිභෝගිකයින්ට සිය සේවාවන් ලබා දෙන බව එම ආයතනය සඳහන් කර තිබේ.

එම ආයතනය සඳහන් කර ඇත්තේ ලොව පුරා රටවල් ගණනාවක මෙම සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කරන බැවින් සිය ගනුදෙනුකරුවන් උදෙදා ඉදිරියටත් ඉහළ මට්ටමේ සේවාවක් සැපයීම අපේක්ෂා කරන බවය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments