23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය.

ඒ අනුව, පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

නීච වැඩක් යයි නලින්දට බැණුම්..

IndusaraMedia

සිර දඬුවම් විඳින හිටපු අමාත්‍ය නලින්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

IndusaraMedia

2015 – 2024 කාලයේදී පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නෑ – පාර්ලිමේන්තුවේදී අනාවරණය වෙයි

IndusaraMedia

තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි..

IndusaraMedia

ප‍්‍රාදේශීය සභා 263ක සභාපතිවරුන් පත් කරන්න ඡන්දයක්..

IndusaraMedia

මාලිමා පුංචි ආණ්ඩුවෙන් ලොකු වැඩක්.. අලුත් සභාපති සුඛෝපභෝගී පුටුව අතහැර වේවැල් පුටුවක් ගනී..

IndusaraMedia

Leave a Comment