උඩුකය නිරුවතින් ගිය විදෙස් කතක් අත්අඩංගුවට

උඩුකය නිරුවතින් ප්‍රසිද්ධ මාර්ගයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් විදේශීය තරුණිය අද අධිකරණය හමුවට පමුණුවන බව පොතුවිල් පොලිසිය පවසයි.

ආරුගම්බේ සංචාරක කලාපයේ මහා මාර්ගයක මෙලෙස ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණේ තායි ජාතික කාන්තාවක්.

ආරුගම්බේ සංචාරක කලාපයේ හෝටලයක සිට තවත් හෝටලයක උඩුකය නිරුවතින් ගමන කරමින් සිටි තායිලන්ත ජාතික තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ දහවල් කාලයේ.

ඇය මෙරටට පැමිණ තිබුණේ අමෙරිකානු ජාතික තරුණයෙකු සමඟින්.

පොලිස් විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ අමෙරිකානු ජාතිකයා ඔන්ලයින් ක්‍රමයට තායි තරුණිය සමඟ සබඳතාවක් ගොඩනගාගෙන බැංකොක් නගරයට පැමිණ ඇයත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

එලෙස දින කිහිපයක් ආරුගම්බේ නගරයේ සංචාරක නිකේතනවල සිටින අතර තුරයි මේ තරුණිය මෙලෙස උඩුකය නිරුවත්ව තවත් හෝටලයකට ගොස් තිබෙන්නේ.

පොලිසිය පැවසුවේ ප්‍රසිද්ධ ස්ථානයක අවිනීතව හැසිරීමේ චෝදනාව මත පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ තරුණිය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

liveatsrilanka

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments