දූරියන් හොරෙන් කැඩුවා කියා වෙඩි තියයි.. හොරා මිය යයි…

දූරියන් වත්තකට අනවසරයෙන් ඇතුළු වී දූරියන් කැඩීමට උත්සාහ කළ පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරියෙකු විසින් වෙඩි තබා තිබේ.

මෙම වෙඩි තැබීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

තරුණයින් තිදෙනෙකු මෙම හොරකම සඳහා පැමිණ ඇති බව අනාවරනය විය

වාර්තා වන පරිදි, මීරිගම, අක්කර 20 ප්‍රදේශයේ පිහිටි අදාළ ඉඩමේ ආරක්ෂාවට සිටි නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

බෝර 12 වර්ගයේ ගිනි අවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඉන් එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් තරුණයින් දෙදෙනා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණි

පසුව ඉඩමේ හිමිකරු මේ සම්බන්ධයෙන් මීරිගම පොලිසිය දැනුවත් කර තිබේ.

එහිදී ස්ථානීය පරීක්ෂණය සිදුකරන තෙක් තරුණයාව එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට පොලිසිය පැවසූ බවට ඥාතීන් චෝදනා කළේය.

පසුව 1990 ගිලන් රථයකින් පැමිණි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් අදාළ තරුණයාගේ සිරුර නැවත පරික්ෂා කිරීමේදී අනාවරණය වී තිබුණේ තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ මුරකරු මීරිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අදාළ තරුණයා මියයාමට පෙර දිනයේ යුද හමුදාවට එක්වීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට ද සහභාගී වී තිබූ අතර ඉන් ඔහු තෝරාගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments