15 හැවිරිදි දරුවෙකු පැහැරගෙන…සැකසහිත වෑන් රථයක් සොයා පොලිස් විමර්ශන

කහතුඩුව ප්‍රදේශයේදී සුදු පැහැති වෑන් රථයකින් 15 හැවිරිදි දරුවෙකු පැහැරගෙන යමින් සිටියදී රත්නපුර ප්‍රදේශයේදී ඔහු එම වෑන් රථයෙන් පැන තිබේ.

ඒ අනුව, වෑන් රථයකින් පැහැරගත් කුඩා දරුවෙකු රත්නපුර කැටන්දොල නිව් පැලැන්වාඩිය ප්‍රදේශයේ ආපනශාලාවක් අසල සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පුද්ගලයකු ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව රත්නපුර පොලීසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් විසින් එම දරුවා පොලීසිය භාරයට ගෙන ඇත.

දරුවා පැහැර ගැනීමට පැමිණි කණ්ඩායම සොයා ගැනීම සඳහා CCTV ඔස්සේ කහතුඩුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments