ජංගම දුරකථන 26ක් සිරුරෙහි සඟවාගෙන සිටි තරුණිය මරුට

තම සිරුරෙහි ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සඟවාගෙන සිටි බ්‍රසීලියානු තරුණියක් බස් රථයක් තුළදී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අදාළ තරුණියට බස් රථය තුළ දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වී ඇති අතර එහිදී ඇය බිම ඇඳ වැටී තිබේ.

එහි සිටි පිරිස හදිසි ගිලන් රථ සේවයට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර ඔවුන් පැමිණ පරීක්ෂා කර බලා පවසා ඇත්තේ ඇය මියගොස් ඇති බවය.

එහිදී වෛද්‍යවරුන් විසින් ඇයගේ ශරීරයේ බැද දමා තිබී ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සොයා ගෙන ගෙන තිබේ.

වෛද්‍යවරුන් සැකපල කරන්නේ ජංගම දුරකථන ශරීරය තුළ සඟවා තබා ගැනීම නිසා ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් හටගත් හෘදයාබාධ තත්ත්වය මරණයට හේතු වන්නට ඇති බවය. 

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියකි.

කෙසේ වෙතත් එරට බලධාරීන් විසින් ඇගේ ගමන් මල්ල තුළ තිබී මත්පැන් බෝතල් කිහිපයක් සහ තවත් ජංගම දුරකථන කිහිපයක්ද සොයා ගෙන ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments