අද ගම්පහ තැන් කිහිපයකට පැය 10 ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.

නිට්ටඹුව කන්ද හේන, මාපගොල්ල, ලෝංගස්දෙණිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙණිය රණ්පොකුනගම, රණ් පොකුනගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, භග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවයි.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබදව මණ්ඩලය සිය කනගාටුව පළ කර සිටී.

adaderana

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments